Tuesday, February 03, 2026
Follow Us
අරක්කු මිල ඉහළට ?

මත්පැන් නිෂ්පාදන සමාගම් කරන්න යන වැඩේ


එතනෝල් මිල ඉහළ යෑම නිසා ඉදිරි දිනවලදී මත්පැන් මිල යළි ඉහළ යා හැකි බව මත්පැන් නිෂ්පාදන සමාගම් පවසයි.

පැල්වත්ත සීනි සමාගම නිෂ්පාදනය කරන එතනෝල් ලීටරයක මිල රුපියල් 700 සිට රුපියල් 1000 දක්වා ඊයේ (17) සිට ඉහළ දමා ඇත.

හංවැල්ල ප්‍රදේශයේ පිහිටි එතනෝල් නිෂ්පාදන ආයතනයත්ද සිය නිෂ්පාදන මිල ඉහළ දමා තිබේ.

මෙලෙස එතනෝල් මිල ඉහළ දැමීමට හේතු වී ඇත්තේ යන්ත්‍ර සූත්‍ර සඳහා භාවිත කරන දැවිතෙල් මිල ඉහළ යෑමයි. රුපියල් 100 අලෙවි වූ දැවිතෙල් ලීටරයක මිල රුපියල් 300 දක්වා වැඩි වී තිබේ.

(Aruna)