Friday, December 26, 2025
Follow Us
මහජන මුදලින් වන්දි ලබාගැනීමට දේශපාලඥයින්ට කිසිසේත් ඉඩනොදිය යුතුයි - පැෆරල් සංවිධානය

ප්‍රචණ්ඩත්වය නිර්මාණය කර එම ප්‍රචණ්ඩත්වය හරහා තමන්ට සිදුවූ හානි පියවීම වෙනුවෙන් මහජන මුදලින් වන්දි ලබාගැනීමට දේශපාලඥයින්ට කිසිසේත් ඉඩනොදිය යුතු බව පැෆරල් සංවිධානය පවසනවා.

දේශපාලනඥයින් අවශ්‍ය වන්නේ නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ප්‍රතිපත්තිමය වටපිටාව සකස් කිරීමට මිස ප්‍රචණ්ඩත්වය ක්‍රියාත්මක කිරීමට නොවන බවයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ.

ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන, රටේ ජාතික ගැටලුවලට සාමකාමී විසඳුම් ඉදිරිපත් කළ නොහැකි කිසිඳු පුද්ගලයෙකු පාර්ලිමේන්තුවට, ව්‍යවස්ථාදායකයට හෝ සමාජයේ වෙනත් පාලන තන්ත්‍රයකට රැගෙන ආ යුතු නොමැති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පොලිස් ප්‍රවාහන කොට්ඨාශයට අයත් නාරාහේන්පිට පිරවුම්හලෙන් අත්පිට මුදලට ඉන්ධන ලබාදීමටයි පියවර ගෙන ඇත්තේ.

(Neth)