Friday, December 26, 2025
Follow Us
යුද ජයග්‍රහණයට වසර 13 යි - වැටුනු රට යළි ගොඩනැගීමට එක්වන ලෙස රණවිරුවන්ගෙන් සියලු පාර්ශවවලට ඇරයුම්

එල් ටී ටී ඊ ත්‍රස්තවාදය පරාජය කරමින් මුළුමහත් රට එක්සේසත් කර රණවිරුවන් අත්කර ගත් යුද ජයග්‍රහණයට අදට වසර 13 ක් සපිරෙනවා.

2009 වසරේ මැයි මස 18 වනදා නන්දිකඩාල් කලපුවේදී එල් ටී ටී ඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු එල් ටී ටී ඊ නායකයින් මියයාමත් සමග වසර 30 ක් පුරා රටම වෙළාගත් එල් ටී ටී ඊ ත්‍රස්තවාදය මෙරටින් සහමුලින්ම අතුගා දැමීමට ත්‍රිවිධ හමුදා රණවිරුවන් සමත් වුණා.

ඒ, දරුණුතම යුද ගැටුම් පැවැති අවසන් දින කිහිපයේදී සිවිල් ජනතාව ද ආරක්ෂා වන ලෙස ලොවක් මවිත කළ මානුෂීය මෙහෙයුමක් දියත් කරමින්. පොලීසිය සහ සිවිල් ආරක්ෂක භටයින් ද එවක රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් නොනිමි මෙහෙවරක් ඉටු කළා.

ආර්ථික අර්බුද මධ්‍යයේ වුවද රණවිරුවන් දිනා දුන් ඒ නිදහස ලක්වැසියන්ට අමතක කළ නොහැකියි.
යුද ජයග්‍රහණයේ සැමරුමක් අද නිදහස් චතුරස්‍රයේදී සංවිධාන කර තිබෙනවා.

රණවිරුවන්ගේ දිවි කැපකර රැකගත් රට වර්තමාන අර්බුදවලින් මුදාගැනීමට සියලුදෙනා එක්ව කටයුතු කළ යුතු බව ද හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක වැඩිදුරටත් පෙන්වා දුන්නා.

(Neth)