කතරගම කැබිලිත්ත දේවාලය ආශ්‍රිතව ගැවසෙන අලියා දින කිහිපයක සිට රෝගී තත්ත්වයෙන් පසුවන බවට නෙත් නිවුස් වෙත වාර්තා වුණා. අලියාගේ ශරීරය තුළ තුවාල දක්නට ලැබෙන බවත්, ඒ හේතුවෙන් අලියා වේදනාවකින් පසුවන බවයි එහිදී වාර්තා වුණේ.
නිරෝගි පුද්ගලයින්ද ඔමික්‍රොන් ආසාදිතයින් විය හැකි බැවින් සියලු ජනතාව සෞඛ්‍ය පුරුදු දැඩිව පිළිපැදිය යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා.
මොරටුව කටුබැද්ද මංසන්ධිය ප්‍රදේශයේදී වයස අවුරුදු 13 ක දරුවෙකු පැහැර ගැනීමට තැත් කළ පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කැළණි පාලමේ සිට අතුරුගිරිය දක්වා කුළුණු මතින් ඉදිවන අධිවේගී මාර්ගය සහ මධ්‍යම අධිවේගී මාර්ගයේ 03 වන කොටස සඳහා විකෘති ආකාරයේ “BOT” කොන්ත්‍රාත් ගිවිසුම්වලට එළඹීමට සූදානමක් ඇති බවට තොරතුරු වාර්තා වනවා. එවැනි ගිවිසුමකට එළඹුන හොත් රජයට විශාල පාඩුවක් සිදුවිය හැකි බවයි පෙනී යන්නේ.
ඩීසල් මෙට්ට්‍රික් ටොන් 41,000 ක් රැගෙන මෙරටට ලගාවූ නෞකාවෙන් ඉන්ධන ගොඩබෑම ඊයේ දින ආරම්භ කළ ද එම ඉන්ධන තොගය ප්‍රමාණවත් වන්නේ දින 7 ක් සදහා පමණක් බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. එහි ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත සඳහන් කළේ මෙම ඩීසල් තොගය ගොඩබෑම සදහා ගතවන සම්පූර්ණ කාලය දින 4 ක් පමණ වන බවයි.
දිවයින පුරා දැනට සිදුකෙරෙන විදුලි කප්පාදුව හේතුවෙන් ජල සැපයුමට ද බාධා එල්ලවනු ඇති බව ජල සම්පාදන සේවක සංගමයේ සම ලේකම් උපාලි රත්නායක මහතා පවසයි.
ජය ශ්‍රී සංගීත කණ්ඩායම විසින් ගායනා කරන ”මොඩ් ගොවියා” සහ ”සුන්දරියේ” යන ගීත ඇල්බම්වල අඩංගු ගීත විස්සක් ගායනා කිරීම, ප්‍රචාරය කිරීම, අන්තර්ජාලයට මුදාහැරීම වළක්වාලමින් එම සංගීත කණ්ඩායමේ සාමාජිකයන් දෙදෙනෙකු වෙත නිකුත් කර තිබූ වාරණ නියෝගය ඉවත් කිරීමට කොළඹ වාණිජ මහාධිකරණය නියෝග කළා.
ඉදිරි දිනවල විදුලි කප්පාදු කරන ආකාරය පිළිබඳ කිසිදු පූර්ව ප්‍රකාශයක් සිදු කිරීමට නොහැකි තත්ත්වයක් මේ වන විට මතුව ඇතැයි මහජන උපයෝගිතා කොමිසම පවසනවා. එහි සභාපති ජනක රත්නායක නෙත් නිවුස් වෙත කියා සිටියේ දෛනිකව විදුලි කප්පාදු කරන වේලාව තීරණය වන්නේ දෛනිකව ලැබෙන ඉන්ධන ප්‍රමාණය මත බවයි.
Page 279 of 740