ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් නිවේදනයක්
පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික් කිහිපයක් සඳහා නිකුත් කළ නායයෑම් අනතුරු ඇගවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබේ.
ඒ, අද පස්වරු 05 දක්වායි.
ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, කළවාන සහ පැල්මඩුල්ල යන ප්‍රදේශ සඳහා නිකුත් කළ අදියර තුන යටතේ වන ඉවත්වීමේ රතු නිවේදනය තවදුරටත් වලංගු වේ.
මේ අතර කලූතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ප්‍රාදේශිය ලේකම් බලප්‍රදේශය මෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට, ඇහැළියගොඩ, කොළොන්න, අයගම, ඇළපාත, බලංගොඩ, ඉඹුල්පේ, ගොඩකවෙල, කිරිඇල්ල, නිවිතිගල සහ කහවත්ත යන ප්‍රදේශවලට අවධානයෙන් සිටින ලෙසට දැනුම්දෙන නිවේදනය ද තවදුරටත් වලංගු වන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
මේ අතර කලූතර, මහනුවර, කෑගල්ල, මාතර, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල තවත් ප්‍රදේශ කිහිපයකට විමසිලිමත්ව සිටින ලෙසට නිකුත් කළ නිවේදනය ද තවදුරටත් වලංගු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.
(aruna)