Thursday, September 18, 2025
Follow Us
යාපනයේ අතහැර දැමූ ඉඩමක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් හමුවෙයි

යාපනය, මානිප්පායි සන්ඩිලිප්පායි ප්‍රදේශයේ පාළු ඉඩමක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා. කලක් අතහැර දැමූ ඉඩමක් පිරිසිදු කිරීමට ගිය පිරිසක් මෙම පුපුරණ ද්‍රව්‍ය අදාළ බෑගයක දැක ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

ප්‍රදේශවාසීන් සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය දැනුවත් කර තිබෙනවා. පොලිසිය ගොස් බෑගය පරීක්ෂා කිරීමේදී බෑගය තුළ තිබී අත්බෝම්බයක්, පුද්ගල නාශක බිම් බෝම්බයක්, තවත් බිම් බෝම්බ කොටස් කිහිපයක් සහ පතුරම් කිහිපයක් සොයාගත් බවයි නෙත් නිවුස් වාර්තාකරු සදහන් කළේ.

යාපනය, මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුව යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා බෝම්බ නිශ්ක්‍රීය අංශය විසින් මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය නිශ්ක්‍රීය කර තිබෙනවා.

(Neth)