Thursday, September 18, 2025
Follow Us
ජල විදුලි උත්පාදනය ඉහළට

අධික වර්ෂාවත් සමඟ විදුලි උත්පාදනයේ සිදු වූ වෙනස


අධික වර්ෂාපතනයත් සමඟ ජල විදුලිය උත්පාදනය මේ වන විට දෛනික විදුලි උත්පාදනයෙන් සියයට හැටක් දක්වා ඉහළ නංවා ඇතැයි වාර්තාවෙයි.

පසුගිය දිනවලදී පැවති වියළි කාලගුණියක තත්ත්වය හේතුවෙන් මෙය පැවතියේ 18%ක් තරම් පහළ අගයකය.

වර්ෂාවත් සමඟ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ යමින් පවතී.

මාවුස්සාකැලේ,කාසල්රී,ලක්ෂපාන සහ සමනළ වැව යන ජලාශවල ජල මට්ටම් හා මධ්‍යම කඳුකරයේ ජලාශ වන වික්ටෝරියා,රන්දෙණිගල සහ කොත්මලේ යන ජලාශවල ජලමට්ටම්ද වර්ෂාපතනය හේතුවෙන් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබුණි.

මේ අතර පවතින අධික වර්ෂාපතය හේතුවෙන් කලු ගඟ,ගිං ගඟ,කුඩා ඟග ඇතුළු ගංගා ආශ්‍රිත ජනතාව අවධානයෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

(Aruna)