පවතින ඉන්ධන හිඟය හේතුවෙන් අද දිනයේ ධාවනය කළ හැකි වන්නේ පුද්ගලික බස් රථවලින් සියයට පනහක් පමණ බව පුද්ගලික බස් සංගම් පවසනවා. ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ ඇතැම් දුර බැහැර ප්‍රදේශවලට ඩීසල් නොලැබීම එම තත්ත්වයට හේතු වී ඇති බවයි.
අන්තර් පළාත් පෞද්ගලික බස් සංගමයේ සභාපති සරත් විජිත කුමාර පැවසුවේ ඉන්ධන පිරවුම්හල් වලින් ඩීසල් ලබා දීමේදී බස් රථ සදහා ප්‍රමුඛතාව ලබා දෙන්නේ නම් බස් ධාවනය සාමාන්‍ය පරිදි පවත්වා ගෙන යා හැකි බවයි.
මේ අතර ඊයේ රාත්‍රී 11 සිට අද අළුයම පහ දක්වා ඇදිරිනීතිය බලපැවැත්වීම හේතුවෙන් දුම්රිය වාර කිහිපයක් අවලංගු වී ඇති බවත් සෙසු දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය කරන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවා.
මේ අතර සමස්ථ ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති එල් මල්ශ්‍රී ද සිල්වා පැවසුවේ අද සිට සාමාන්‍ය පරිදි පාසල් සිසුන් ප්‍රවාහනය සිදුකරන බවයි.
(Neth)