යුධමය තත්වයක් පවතින යුක්‍රේනයේ සිටි ශ්‍රී ලාංකිකයින් 27 දෙනෙකු එම රටින් ඉවත්වීම ප්‍රතික්ෂේප කර ඇති බව විදේශ කටයුතු අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා පවසයි.
රටේ පවතින ඉන්ධන සහ ගැස් අර්බුදය හේතුවෙන් එළවලු වෙලදාම සියයට 40 කින් පහල බැස ඇති බව සමස්ථ ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුව පවසනවා.
විදුලිය, ඉන්ධන මෙන්ම ගෑස් ද මේ වන විට මෙරට ජන ජීවිතයට දැඩි බලපෑමක් එල්ල කරමින් තිබෙනවා. ඒ, දින කිහිපයක සිට රට පුරා පවතින ගෑස් හිඟය හේතුවෙන්. ගෑස් නොමැතිවීම හේතුවෙන් හෝටල්, ආපන ශාලා සහ බේකරි රැසක් මේ වන විට වැසී ගොස් තිබෙනවා.
නැදුන්ගමුවේ රාජා හස්තියා පිළිබඳ මේ වන විට මුලු රටම කතාබහ කරමින් සිටිනවා. ඒ, 2006 වසරේ සිට ශ්‍රී දළඳා මාලිගා පෙරහැරේ සධාතුක කරඬුව වැඩම කරවීමට තරම් භාග්‍යවන්ත වූ ආසියාවේ උසම හීලෑ දළ ඇතාගේ වියෝව හේතුවෙන්. මුලු මහත් ජාතියේම අසීමිත ගෞරවාදරයකට පාත්‍රවූ නැදුන්ගමුවේ රාජා හස්තියා අනාගත පරපුරට දැකගැනීම සඳහා සිරුර සංරක්ෂණය කිරීමටයි තීරණය කර ඇත්තේ. ඒ, නැදුන්ගමුවේ රාජා හස්තියා ජාතික වස්තුවක් ලෙස නම් කරමින්.
Page 280 of 746