Thursday, September 18, 2025
Follow Us
පැනගිය වටරැක රැඳවියෝ ගැන අලුත්ම ආරංචිය මෙන්න

සිරකරුවන් 26 ක් ආ ගිය අතක් නෑ


පසුගිය 9 වැනිදා ඇති වු නොසන්සුන්කාරී අවස්ථාවේදී අත්අඩංගුවෙන් මිදි පලාගිය වටරැක බන්ධනාගාරයේ සිරකරුවන් 58 දෙනාගෙන් රැඳවියන් 32 ක් එම බන්ධනාගාරය වෙත නැවත භාරවී ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනුරුත්තාපන) චන්දන ඒකනායක පවසනවා.

එහිදී පලාගිය තවත් සිරකරුවන් 26 ක් තව දුරටත් අතුරුදහන්ව සිටින බවටයි ඔහු වැඩිදුරටත් සඳහන් කරේ.

නිත්‍යානුකුල අත්අඩංගුවෙන් මිදී පලා ගොස් මේ වන තෙක් භාරනොවූ සිරකරුවන් හැකි ඉක්මණින් වටරැක බන්ධනාගාරයට පැමිණ හෝ ලඟම ඇති බන්ධනාගාර වෙත හෝ ලඟම ඇති පොලිස්ථානය වෙත හෝ 0114677177 හෝ 0114677517 දුරකථන ඇමතුමක් ලබාදීමෙන් භාර විය හැකි බවත් ඉහළ ස්ථානවලට පැමිණීමේ අපහසුතාවයක් ඇත්නම් එම දුරකථන අංකවලට අමතා දැනුවත් කිරීමෙන් ඔවුන් සිටින ස්ථානයට පැමිණ භාරගැනීමට හැකි බවත් ඒකනායක සදහන් කළේ.

(Aruna)