Saturday, February 07, 2026
Follow Us
ඩීසල් ගැන සුබ ආරංචියක්

ඩීසල් නැවක් දිවයිනට


ඩීසල් රැගත් නෞකාවක් මෙරටට ළඟා වීමට නියමිත බවට ලංකා ඛනිජ තෙල් සංස්ථාව දැනුම් දී ඇතැයි ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළා.

එහි සභාපති ශාන්ත සිල්වා කියා සිටියේ අදාළ නෞකාව හෙට මෙරටට ගෙන්වා ගැනීමට නොහැකි වුවහොත් එය ලබන 17 වනදා මෙරටට පැමිණෙනු ඇති බවයි.

මේ වනවිට ඩීසල් නිකුත් කෙරෙන්නේ රෝහල්, ආරක්ෂක අංශ ඇතුලු අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් වන අතර පිරවුම් හල් වෙත බෙදා හැරීම් සිදුවන්නේ පෙට්‍රල් පමණයි.

ඉදිරි සතියක කාලය සඳහා ප්‍රමාණවත් පෙට්‍රල් තොග පවතින බවද ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා සඳහන් කළා.

(Aruna)