Thursday, September 18, 2025
Follow Us
ලබන 17න් පසු පැනවෙන තහනම

නියෝග කැඩුවොත් දඩුවම්


අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති, සම්මන්ත්‍රණ, දේශන සහ වැඩමුළු පැවැත්වීම ලබන 17 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වන තෙක් තහනම් බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන විසින් ප්‍රකාශ කර තිබේ.

යම් අයෙක් හෝ ආයතනයක් මෙම නියෝගය නොසලකා ක්‍රියාකරනු ලැබුවහොත් ඔවුන් විභාග පනත යටතේ වරදකරුවන් වන බවත් ඒ පිළිබඳව ලැබෙන තොරතුරු ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ ශ්‍රි ලංකා විභාග දෙපාර්තමේන්තුව වෙත දැනුම් දෙන ලෙසත් විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් මහජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.
(Aruna)