තමන්ටද ඉන්ධන ලබා ගැනීමට පහසු ක්‍රමවේදයක් සලසා දෙන්නැයි වෛද්‍යවරුන් රජයෙන් ඉල්ලීමක් කරනවා. සමස්ථ ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ උපසභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර පැවසුවේ ඉන්ධන ලබා ගැනීමේදී වෛද්‍යවරුන්ටද දිගු වේලාවක් පෝළිම්වල රැදී සිටීමට සිදුව ඇති බවයි.
මෙරට ඕනෑම පුරවැසියකුට කිසිදු ගෙවීමකින් තොරව වරාය නගරයට ඇතුළු විය හැකි බව වරාය නගර ආර්ථික කොමිසමේ වැඩබලන අධ්‍යක්ෂ ජෙනරාල් ජලසම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම පවසනවා. වරාය නගරයේ ආයෝජනය කිරිමටද, ඕනෑම වෙළෙද සැලකින් භාණ්ඩ මිලදී ගැනීමටද ජනතාවට අවස්ථාව පවතින බවයි ඔහු පැවසුවේ.
කතරගම දේවාලයේ මද්දු නැමති අලියා සිදුකළ පහරදීමකින් ඔහුට රැකවරණය ලබාදුන් ඇත්ගොව්වා බරපතල තුවාල ලබා තිබෙනවා. දේවාල භූමියේ අලිවාඩිය සීමාවේදී මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ 52 හැවිරිදි කතරගම ගෝතමීගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.
ඌව වෙල්ලස්සේ ඉඩම් අක්කර 65,000ක් බහුජාතික සමාගම් කිහිපයකට පැවරීමෙන් විපතට පත් ජනතාවගේ මානව හිමිකම් ආරක්ෂා කිරීමට සහාය වන ලෙස ඉල්ලමින් ඌව වෙල්ලස්ස ගොවීහු සෙනසුරාදා (05) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පෙත්සමක් භාර දුන්හ.
අවශ්‍ය ඩීසල් ප්‍රමාණය ලබානොදුන හොත් පාසල් ළමුන් ප්‍රවාහනයෙන් ඉවත් වන බව සමස්ථ ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය පවසනවා. එම සංගමයේ සහාපති එල් මල්ශ්‍රී ද සිල්වා පැවසුවේ ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ හරහා ඩීසල් ලබාදෙන ලෙසට තමන් කළ ඉල්ලීමට ද බලධාරීන් මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැති බවයි.
පෞද්ගලික බස්රථ සඳහා ලංගම ඩිපෝවලට අයත් පිරවුම්හල් මඟින් ඩීසල් ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක වීමේදී ඊයේ ගැටලු ඇතිවූ බව පෞද්ගලික බස් හිමියන් පවසනවා.
කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමකට පැවරීමේ තීරණය බලරහිත කරන්නැයි ඉල්ලා ගොනුකර තිබූ පෙත්සම් විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළේය.
Page 281 of 746