අඛණ්ඩ විදුලි උත්පාදනය සම්බන්ධයෙන් දැඩි අර්බුදකාරී තත්ත්වයක් මතුව ඇති පසුබිමක ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක අද නිරත වනවා. ඒ, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාගේ හිතවතෙකු නව සාමාන්‍යාධිකාරීවරයා ලෙස පත් කිරීමට විරෝධය දක්වමින්.
ඔමික්‍රෝන් වෛරසය හේතුවෙන් මෙරට තුළ පස්වන කොවිඩ් රැල්ලක් ඇතිවීමේ අවධානමක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අනතුරු අගවනවා. එහි සාමාජික වෛද්‍ය ප්‍රසාද් රණවීර නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් කියා සිටියේ දීර්ඝ සතිඅන්තයේ ජනතා ඒකරාශීවීම් හේතුවෙන් ඉදිරි සති දෙකේදී පමණ දෛනිකව වාර්තාවන කොවිඩ් ආසාදිතයින් ගණන ඉහළ යාමට හේතු වනු ඇති බවයි.
මෙරට දෛනික ඉන්ධන පරිභෝජනය සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් ඇතැයි ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. එහි ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත කියා සිටියේ ඩීසල් පරිභෝජනය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බවයි. විදුලි උත්පාදනයට, කර්මාන්ත සඳහා සහ රථවාහන සඳහා එම ඩිසල් යොදාගෙන ඇතැයි සඳහන්.
සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි එක්දින ක්‍රිකට් තරඟයේ කාසිය වාසිය හිමි කර ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වුණා.
ශ්‍රී ලංකා රජය අද අමෙරිකානු ඩොලර් මිලියන 500 ක ණයක් ගෙවීමට නියමිතයි. මෙලෙස ගෙවනු ලබන්නේ 2012 වසරේ ලබාගත් ජාත්‍යන්තර ස්වෛරීත්ව බැදුම්කර කල් පිරීම වෙනුවෙන් ගෙවිය යුතු ණය මුදලයි. මෙම ණය ගෙවා ගැනීම සදහා ශ්‍රී ලංකාව සූදානම් බවයි මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසන්නේ.
පවතින විදුලි බිඳවැටීම් හමුවේ ලංකා විදුලි බල මණ්ඩලයේ පාඩුව තවදුරටත් ඉහළ ගොස් ඇතැයි තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමය පවසනවා. එම සංගමයේ සංස්කාරක නන්දන උදය කුමාර පැවසුවේ විදුලි බල මණ්ඩලයේ වාර්ෂික පාඩුව රුපියල් බිලියන 05 ක්ව පැවති බවයි. එහෙත් පවතින විදුලි බිඳවැටීම හේතුවෙන් විදුලි බල මණ්ඩලයේ වාර්ෂික පාඩුව තවත් රුපියල් බිලියන 03 කින් පමණ ඉහළ යනු ඇති බවයි ගාල්ලේ පැවත‘ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු සඳහන් කළේ.
Page 282 of 727