පළමු ටෙස්ට් තරගය ලබන 15 වැනිදා ඇරඹෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද අළුයම බංග්ලාදේශය බලා පිටත්ව ගොස් තිබේ.
ඒ, බංග්ලාදේශයේ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියකට සහභාගිවීම සදහායි.
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ටෙස්ට් තරග දෙකක් පැවැත්වීමට නියමිතව තිබේ.
කණ්ඩායම් දෙක අතර පුහුණු තරගයක් ලබන 11 වැනිදා සහ 12 වැනිදා පැවැත්වීමට නියමිතව ඇත.
පළමු ටෙස්ට් තරගය ලබන 15 වැනිදා ආරම්භවීමට නියමිතයි.
දෙවන ටෙස්ට් තරගය ලබන 23 වනදා සිට ඩකා නුවර ෂර් – බංග්ලා ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට තරග සංවිධායකයින් සූදානම් කර තිබේ.
(Aruna)