Friday, December 26, 2025
Follow Us
ගාලුමුවදොර අරගලයට අදට දින 30යි

දිවයිනේ ප්‍රදේශ රැසක විරෝධතා


කිසිදු දේශපාලන සහභාගීත්වයකින් තොරව පැවැත්වෙන ගාලුමුවදොර නිර්පාක්ෂික අරගලයට අදට (08) මාසයක් කාලයක් වේ.

විරෝධතාව ආරම්භ වූ පසුගිය අප්‍රේල් මස 09 වෙනිදා සිට විරෝධතාවයේ 30 වන දිනය වන අද දක්වාම දිවා රාත්‍රී නොබලා අඛණ්ඩව ජනතාව ඊට සහභාගී වීම විශේෂත්වයකි.

ගාලුමුවදොර ගෝඨාගෝගම විරෝධතාවට අමතරව දිවයිනේ අනෙකුත් ප්‍රදේශ වලද විරෝධතා පැවැත්වෙමින් තිබේ.

දිගින් දිගටම එල්ල වන ආර්ථික අර්බුධය දරාගත නොහැකිව වීදිබැස විරෝධය දක්වන ජනතාව ඉල්ලා සිටින්නේ තවදුරටත් ජනතාව පීඩාවට පත්නොකර වහාම වත්මන් ආණ්ඩුවට පාලනයෙන් ඉවත්ව යන ලෙසයි.

(Aruna)