Thursday, September 18, 2025
Follow Us
අද සිට විරෝධතා සතියක්

වෘත්තීය සමිති අද සිට 13 දක්වා සිදුකරන්න යන දේ


රටේ පවතින වත්මන් තත්ත්වයට හදිසි නීතිය කිසිසේත්ම පිළිතුරක් නොවන බවත් එය මහජනතාව බිය වැද්දවීමට දරන උත්සාහයක් පමණක් බවත් වෘත්තිය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු රවී කුමුදේශ් පැවසීය.

එම නිසා තවදුරටත් ගන්නා වූ මෙවැනි උද්ධච්ච තීන්දුවලට එරෙහිව සහ වත්මන් පාලනයට ඉල්ලා අස්වෙන ලෙස බලකරමින් අද (09 වැනිදා) සිට මෙම 13 වැනිදා දක්වා අඛණ්ඩ විරෝධතා සතියක් ප්‍රකාශයට පත් කළ බව ද හෙතෙම කීවේය.

රටේ හදිසි අවස්ථා තත්ත්වයක් පැවතීම හේතු කර ගනිමින් මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම මෙන්ම මහජන ජීවිතයට අත්‍යවශ්‍ය සැපයීම් හා සේවා පවත්වාගැනීම සඳහා හදිසි නීතිය කිසිසේත්ම අනුකූල නොවන බවද ඔහු පැවසීය.

(Aruna)