අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ධූරයෙන් ඉල්ලා අස්වුවද, සිය අරගලය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ගාලුමුවදොර විරෝධතාවයේ නිරත අරගලකරුවන් පවසනවා.
එම විරෝධතා මෙහෙයවන පාර්ශවයේ ප්‍රධාන සාමාජිකයෙකු වන වෛද්‍ය පැතුම් කර්නර්, නෙත් නිවුස් වෙත සඳහන් කළේ සිය අරගලය අවසන් වන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව පමණක් බවයි.
කෙසේවෙතත් පවතින තත්ත්වය අනුව එම අරගලය මෙම මාසය අවසන් වීමට පෙර ජයග්‍රහණයකින් අවසන් වනු ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.
මේ අතර ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට එරෙහිව ගාලුමුවදොර ආරම්භ කළ මහජන අරගලයට අදට දින 30 ක් සම්පූර්ණ වනවා.
(Neth)