Thursday, September 18, 2025
Follow Us
දේශපාලඥයින්ට නැවත බස් දෙන්නේ නෑ

පෞද්ගලික බස් සංගම් දැඩි තීරණයක් ගනී


මින් ඉදිරියට පෞද්ගලික බස් රථ කිසිදු දේශපාලන කටයුක්ත්කට ඉදිරිපත් නොකිරීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා පෞද්ගලික බස් සංගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියංජිත් මහතා පවසා ඇත.

වැඩි දුරටත් ඔහු පවසා සිටියේ පසුගියදා අරලියගහ මන්දිරයේ පැවැති රැස්වීම වැනි අවස්ථාවන්ට සහභාගී වීම සදහා පෞද්ගලික බස් රථ හිමියන් මුදල් අයකිරීම මත පමණක්ද , ඇතැමුන් පෞද්ගලික හිතවත්කම මත පමණක්ද ලබා දී ඇති බවත් මින්පසු කිසිදු හේතුවක් මත දේශපාලන කටයුතු වලට බස් නොලැබෙන බවත්ය.

පසුදා පැවති ගාලුමුවදොර අරගලයේ සිටි පිරිසට පහර දීමට සහභාගී වූ ඇතැම් පිරිස් කොළඹට පැමිණි බස් රථ 20කට අධික සංඛාවක් ගිනි තබා විනාශ කර ඇති බව හෙළිදරව් වේ.

(Aruna)