Thursday, September 18, 2025
Follow Us
ඥානක්කාගේ නිවස හා හෝටලය අලුවේ

අරගලකරුවන්ගේ කෝපයේ ගින්නට හසුවූ ඥාන මෑනිට වෙච්ච දේ


ඥානක්කා හෙවත් කේ.ඥානවතී නමැත්තියට අයත් හෝටලයටත් නිවසටත් අද (10) අළුයම් කාලයේදී අරගලකරුවන් විසින් ගිනිතබා සම්පූර්ණයෙන්ම විනාශ කර ඇත.

අනුරාධපුර ඉසුරුපුර ප්‍රදේශයේ පිහිටි ඥානක්කාගේ නිවසට යුදහමුදාවේ 200 කට ආසන්න පිරිසක් ආරක්ෂාවට යොදවා සිටියදී මෙම පහරදීම සිදු කිරීම විශේෂත්වයක් වේ.

අරගලකරුවන් අද අලුයම 1ට පමණ ඥානක්කාගේ නිවසට කඩා වැදීමත් සමග සෙබළු නිවස ආරක්ෂා කිරීමට උත්සහා කළද අරගලකරුවන් විසින් ඥානක්කාගේ නිවස වටා ඉදිකොට තිබූ බැම්ම කඩා ඇතුලු වීමත් සමග සෙබළු පසකට වූ බව වාර්තා වේ.

අනතුරුව අරගලකරුවන් විසින් ඥානක්කාගේ දේවාලයට පහරදී ඇති අතර එහිදී ආගමික පිළිම කිසිවකටත් හානි සිදු නොකිරීමට වග බලාගෙන ඇත.

ඉන් අනතුරුව මහනුවර මාර්ගයේ පිහිටි ඥානක්කාගේ බවට සැලකෙන හෝටලයට කඩාවැදුනු අරගලකරුවන් හෝටලයට ගිනි තබා ඇත.

(Aruna)