ජනතාව නීතිය අතට ගතහොත් රටට අනාගතයක් නොමැති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න පවසනවා. මහජන දේපළ කොල්ල කන හෝ පුද්ගල හානි සිදුකරන සියලු තැනැත්තන්ට වෙඩි තබන ලෙස ත්‍රිවිද හමුදාවට, ඊයේ රාත්‍රියේ සිට ලබාදී ඇති නියෝගය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව කියා සිටියා.
කෙසේවෙතත් එම තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පැවසුවේ රට තුළ පවතින ගැටළුවලට ගිනි අවියෙන් විසදුම් ලබා දිය නොහැකි බවයි.
වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුවේ සාමාජික රවී කුමුදේශ් ද පැවසුවේ වෙඩි තැබීම්වලින් පවතින ගැටළුවලට විසදුම් ලබා දිය නොහැකි බවයි.
(Neth)