මහින්ද ඉල්ලා නාවික හමුදා කඳවුර අසල ජනතාව රොද බඳී
ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර ඉදිරිපිට මේ වන විට දැවැන්ත විරෝධතාවයක් පැවැත්වෙමින් තිබේ.
විරෝධතාකරුවන් සදහන් කරන්නේ එම හමුදා කදවුර තුළ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු පවුලේ උදවිය රැඳී සිටින බවයි.
මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුලේ උදවිය කදවුරෙන් එළියට දමන ලෙස ඉල්ලමින් විරෝධතාකරුවන් විරෝධයේ නිරතව සිටියි.
මේ වන විට ත්‍රිකුණාමලය නාවික හමුදා මූලස්ථානයේ ආරක්ෂාව තවදුරටත් තර කර තිබේ.
(Aruna)