තිරිඟු පිටි මිල වැඩිවීමෙන් සිදුවෙන්න යන දේ
ඊයේ (17) දිනයේ තිරිගු පිටි මිල යළි රුපියල් 35කින් ඉහළ දමා ඇත.
තිරිඟු පිටි මිල යළි ඉහළ දැමීම හේතුවෙන් සිය කර්මාන්තය තවදුරටත් සිදුකර ගත නොහැකි තත්ත්වයකට උදාවී ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.
ඒ අනුව පිටි කිලෝ 50යේ පිටි මිටියක් රුපියල් 12,500ක් දක්වා වැඩි වී තිබෙන බවත් රුපියල් 4,000ට පහළන් තිබුණු පිටි මිටියක් අද 12,500ක් දීලා බේකරි හිමියාට ලබාගන්න සිද්ධ වී තිබෙන බව එම සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන පවසයි.
ගෑස් සහ ඉන්ධන අර්බුදය හේතුවෙන් බේකරි නිෂ්පාදන කර්මාන්තයට මතුව ඇති බාධා ඉවත් කිරීමට කටයුතු නොකරන්නේ නම් ලබන සතියේ සිට සියලුම බේකරි නිෂ්පාදන කටයුතුවලින් ඉවත්වන බව ඔහු වැඩිදුරටත් පැවසීය.
“ඊයේ රුපියල් 35කින් පිටි මිල වැඩිකරලා තියෙනවා. ඒක ඉතාමත් අසාධාරණයි. මේ පිළිබඳව සොයා බලන්න කිසිම කෙනෙක් නැහැ. අද රජයක් නැති තත්ත්වයට පත්වෙලා තියෙනවා. මේ කම්පැනිකාරයෝ කිහිපදෙනෙක් තමන්ගේ උවමනාවට ජනතාව සූරාගෙන කන ව්‍යාපාරයක් බවට පත්වෙලා තියෙනවා. හැබැයි එකක් කියන්න ඕනේ පිටි කම්පැනිවලට ප්‍රශ්න තියෙනවා. මේ අවස්ථාවේ හැටියට ඉතාමත්ම අසාධාරණ විදිහට මිල වැඩිකිරීම සිද්ධකරන්න එපා අපි කියන්නේ. ලංකාවේ පිටි සමාගම් දෙකක් තියෙනවා. එක සමාගමක් ලංකාවේ පිටි අවශ්‍යතාවයෙන් 70%ක් සපයන අතර අනෙක් සමාගම 30% පමණ තමයි සපයන්නේ. මේ 30%ක් සපයන සමාගමක් ඊයේ රුපියල් 35කින් පිටි කිලෝවක් වැඩිකරලා තියෙනවා. ඒ පිටි කිලෝ 50යේ පිටි මිටියක් රුපියල් 12,500ක් දක්වා වැඩිවෙලා තියෙනවා. ඒ කියන්නේ තුන්ගුණයකින් වැඩිවෙලා තියෙනවා. රුපියල් 4,000ට පහළන් තිබුණු පිටි මිටියක් අද 12,500ක් දීලා බේකරි හිමියාට ලබාගන්න සිද්ධ වෙලා තියෙනවා. මේ විදිහට තවදුරටත් කරගෙන යන්න බැහැ,…...”
(Aruna)