Friday, December 26, 2025
Follow Us
ඩීසල් නැතිව රටට ඩොලර් ගේන ඇඟළුම් සියයට 90ක් මග නවතී

මෙරටට ඩොලර් අවශ්‍යම මොහොතක, රටට ඩොලර් ලැබෙන ප්‍රධාන ක්ෂේත්‍රයක් වන අපනයන ක්ෂේත්‍රයට මේ වන විට පෙර නොවූ විරූ බලපෑමක් එල්ලවී තිබෙනවා. ඒ, ඩීසල් හිඟය හේතුවෙන්. ඒ සමඟම මේ වන විට අපනයන බහාලුම් ප්‍රවාහනය කිරීමට එල්ලවී ඇත්තේ දැඩි බලපෑමක්.

මේ වන විට බහාලුම් ප්‍රවාහනය සිදුකරන්නේ බස්නාහිර පළාතේ පමණයි. එය ද සියයට 10 ක් දක්වා අඩුවී ඇති බවයි සමස්ථ ලංකා බහාලුම් ප්‍රවාහන රථ ඒකාබද්ධ සංසඳයේ සභාපති සනත් මංජුල නෙත් නිවුස් කළ විමසීමකදී සඳහන් කළේ.

මේ වන විටත් ආයෝජන කලාපවල අපනයන භාණ්ඩ විශාල ප්‍රමාණයක් ප්‍රවාහනය නොකිරීම හේතුවෙන් ගොඩගැසී ඇති බවද ඔහු සඳහන් කළා.

රට තුළ බහාලුම් ප්‍රවාහන රථ 6,000 කට ආසන්න ප්‍රමාණයක් පවතිනවා. ඉන් බහාලුම් 800 ක් 1,200 ත් අතර ප්‍රමාණයකින් දෛනිකව අපනයන භාණ්ඩ ප්‍රවාහනය කෙරෙනවා. තවත් බහාලුම් 1,800 ක් 2,400 ක් අතර ප්‍රමාණයක් යොදා ඇත්තේ ආනයන භාණ්ඩ ප්‍රවාහනයටයි. රටට අවශ්‍ය ඩොලර් ප්‍රමාණයෙන් සියයට 60 ක්ම ලැබෙන්නේ ද අපනයන ක්ෂේත්‍රයෙන්.

(Neth)