Sunday, February 15, 2026
Follow Us
මිරිහානේ බස් රථයට ගිනිතැබූ සැකකරු අත්අඩංගුවට

සැකකරු විජේරාමේ පුද්ගලික ආයතනයක සේවකයෙක්


පසුගිය මාර්තු මස 31 වනදා මිරිහානේදී ඇතිවූ ප්‍රචණ්ඩකාරී ක්‍රියා අතරතුර බස් රථයකට ගිනිතැබූ සැකකරුවෙකුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මිරිහානේ ජනාධිපතිවරයාගේ නිවස ආසන්නයේ මාර්ගයේදී පැවති විරෝධතාවයක් අතරතුර එම ප්‍රචණ්ඩකාරී සිද්ධිය ඇතිවී තිබුණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අදාළ සැකකරුව අද අත්අඩංගුවට ගෙන තිබුණේ දැරණියගල ප්‍රදේශයේදීයි.

42 හැවිරිදි සැකකරු ගංගොඩවිල විජේරාම ප්‍රදේශයේ පුද්ගලික මෝටර් රථ අමතර කොටස් ආයතනයක සේවය කරන පුද්ගලයෙකු බවට තොරතුරු වාර්තා වේ.

(Aruna)