Thursday, April 25, 2024
Follow Us
අනතුරු ඇඟවීමේ නිවේදනයක්

සබරගමුව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි


තද සුළං සහ රළු මුහුද පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ සඳහා නිවේදනයක් නිකුත් කර තිබේ.

පුත්තලම සිට කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50ක් 60ක් දක්වා වැඩි විය හැකි බවත් එම මුහුදු ප්‍රදේශ රළු වීමේ හැකියාවක් ද පවතින බවත් සෙසු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50ක් පමණ දක්වා වැඩිවිය හැකි අතර විටින් විට තරමක් රළු වීමේ හැකියාව පවතින බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටින්නේ අතර සබරගමුව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇතිවන අතර බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුර උතුරු මැද වයඹ පලාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්වලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 40ක 50ක පමණ තද සුළං ද ඇතිවිය හැකි බවයි.

(Aruna)