Sunday, February 15, 2026
Follow Us
කුකුළු මස් කිලෝව රුපියල් 1000 පන්නයි !

වෙළඳපොලේ කුකුළු මස් කිලෝග්‍රෑම් එකක් සිල්ලර මිල රුපියල් 1000 ඉක්මවා ගොස් ඇති බව වාර්තා වේ.

ඇතැම් ප්‍රදේශවල මේ වනවිට කුකුළු මස් කිලෝවක් රුපියල් 1050ක් වැනි මිලකට අලෙවි කෙරෙන බව සඳහන්.

පසුගිය සිංහල – දෙමළ අලුත් අවුරුදු සමයේ සිටම කුකුළු මල් කිලෝවක් රුපියල් 950 – 980 වැනි මට්ටමක පැවති අතර පළමුවරට රුපියල් 1000 ඉක්මවා ගියේ මේ සතියේදී ය.

(LNW)