Sunday, February 15, 2026
Follow Us
මාවතගම වෙඩි තැබීමක්

වෙඩි වැදීමෙන් පුද්ගලයෙකු මරුට


මාවතගම පරගහදෙණිය ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.

පොලීසිය පැවසුවේ ඊයේ (21) රාත්‍රීයේ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.

වෙඩි වැදීමෙන් තුවාල ලැබු මෙම පුද්ගලයා මාවතගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ සිංහදෙණිය, පරගහදෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා පිළිබදව මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මාවතගම පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

(Aruna)