Friday, December 26, 2025
Follow Us
ගෑස් සිලින්ඩර 45,000ක් අද වෙළෙඳපොළට

හෙට සිලින්ඩර් 80,000 වෙළෙඳපොළට


අද දින (20) ගෑස් සිලින්ඩර හතළිස් පන්දහසක් (45,000) වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිත බව ලිට්‍රෝ සමාගමේ සභාපති විජිත හේරත් මාධ්‍යට පැවසුවේය.

එමෙන්ම හෙට (21) සිලින්ඩර් අසූදහසක් (80,000) වෙළෙඳපොළට නිකුත් කෙරෙන බවද හෙතෙම කීය. ගෑස් මෙට්‍රික් ටොන් දෙදහස් අටසියයක් (2,800)ක් රැගත් නෞකාවක් පසුගිය අඟහරුවාදා (17 වැනිදා) පස්වරුවේ දිවයිනට ළඟා වුවද අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගොඩබෑමට නොහැකි විය.

කෙසේවෙතත් එම නෞකාව කොළඹ වරාය වෙත රැගෙනවිත් පසුව ඒවා කෙරවලපිටිය ගෑස් තොග ගබඩා පර්යන්තය වෙත ප්‍රවාහනය කර අනතුරුව බෙදාහැරීම් කටයුතු පෙරේදා (18) ආරම්භ කළේය.

ලිට්‍රෝ සභාපතිවරයා පැවසුවේ ඉදිරියේදී දිනපතා ගෑස් සිලින්ඩර් අසූදහසක් බැගින් වෙළෙඳපොළට නිකුත් කිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම සැලසුම් කර ඇති බවය.

ඒ අනුව පෙරේදා බස්නාහිර පළාතට ප්‍රමුඛතාවය ලබා දෙමින් ගෘහස්ත ගෑස් සිලින්ඩර් තිස්පන්දහස් පන්සිය හතළිස් හතරක් (35,544) වෙළෙඳපොළට මුදාහැරීය.

(Aruna)