Sunday, February 15, 2026
Follow Us
වඳුරු උණ ගැන පරීක්ෂණ ළඟදීම

මංකිපොක්ස් ලංකාවෙත් පැතිරිලා ද සොයයි


මේ දිනවල රටවල් කිහිපයක පැතිර යන මංකිපොක්ස් හෙවත් වඳුරු උණ රෝගය පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යායතනයේ පහසුකම් පවතින බව ආචාර්ය චන්දිම ජීවන්දර පවසයි.

ඊට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය ඉදිරි සතිය තුළ ලැබෙනු ඇති බව ඔහු සඳහන් කළේය.

වඳුරු උණ රෝගය මධ්‍යම සහ බටහිර අප්‍රිකානු රටවලින් හඳුනාගෙන තිබෙන අතර එය රටවල් කිහිපයක ව්‍යාප්ත වීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානය යොමුව ඇත.

(Aruna)