ආහාර අර්බුදය තවමත් කළමනාකරණය කර ගත හැකි මට්ටමක පවතින බව රුහුණු විශ්ව විද්‍යාලයේ බෝග විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අරුණ කුමාර පවසනවා. නෙත් නිවුස් සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පෙන්වා දුන්නේ හැකි ඉක්මනින් කුඩා ඉඩ ප්‍රමාණයක හෝ තමන්ට හැකි අයුරින් වගා කිරීමට ජනතාව වහාම කටයුතු කිරීම වැදගත් බවයි.
ඉන්ධන සඳහා මිල සූත්‍රයක් ගෙන එන්නේ නම් ගමන් ගාස්තු අය කිරීමට මීටර් සවි කර ඇති සිය ත්‍රීරෝදරථ සඳහා සහනයක් ලබා දෙන ලෙස වෘත්තීය ත්‍රීරෝද රථ සේවක සංගමය පවසනවා.
මේ වන විට රට තුළ පවතින ගෑස් හිඟය අවසන් වීමට නම් ගෑස් මෙට්ට්‍රික් ටොන් 37,000ක් පමණ අවශ්‍ය වනවා. එ සඳහා අවම වශයෙන් මෙරටට ගෙන්විය යුතු ගෑස් නෞකා ප්‍රමාණය 10ක්. ගෑස් හිගය හේතුවෙන් හිස්ව ඇති ගෘහස්ථ ගෑස් සිලින්ඩර් ප්‍රමාණය ලක්ෂ 40ක් දක්වා ඉහල ගොස් ඇති බවයි ලිට්‍රෝ සමාගමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ.
මේවනවිට රටතුළ පවතින සහල් තොග ප්‍රමාණවත් වන්නේ එළඹෙන සැප්තැම්බර් මාසය දක්වා පමණක් බව කෘෂි විශේෂඥයින් පෙන්වා දෙනවා. රුහුණු විශ්ව විද්‍යාලයේ බෝග විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අරුණ කුමාර සඳහන් කළේ යල කන්නය වගා කිරීම අසාර්ථක වුවහොත් සැප්තැම්බර් මාසය වනවිට රට තුළ සහල් හිගයක් ඇතිවිය හැකි බවයි.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේදී විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
රට තුළ උද්ඝෝෂණ, විරෝධතා, හර්තාල්, පෙළපාලි කොතෙකුත් පැවතුණද විරෝධය දැක්වීමේ ඒ සියලු ක්‍රියාමාර්ග අභිබවා ලෝකයේම අවදානය හිමි වූ ගාලුමුවදොර ගෝඨා ගෝ ගම අරගලයට අදට දින 50 ක් සම්පූර්ණ වනවා. සැබෑ අරගලය කුමක් දැයි අරගලකරුවන් මේ දක්වාම සැමටම කියාදෙමින් ඇත්තේ සාමකාමිවයි.
ඉන්ධන අර්බුදය හේතුවෙන් බහුදින ධීවර යාත්‍රාවලින් සියයට 80 ක් අද වනවිට ධීවර කර්මාන්තයෙන් ඉවත්වී ඇතැයි සමස්ත ලංකා පොදු ධීවර සංගමය පවසනවා.
Page 270 of 768