Saturday, December 27, 2025
Follow Us
මාස 5ක් තුළ 120,000ක් විදෙස් රැකියා වලට ගිහින්

ලක්ෂ තුනක් විදෙස් රැකියාව සදහා යොමු කරන්න සැලසුමක්


මෙම වසරේ ගතවූ මුල් මාස 05ක කාලය තුළ පුද්ගලයින් 120,000 කට අධික පිරිසක් විදෙස් රැකියාවලට පිටත්ව ගොස් ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

එහි ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අතිරේක සාමාන්‍යාධිකාරී මංගල රන්දෙනිය පැවසුවේ එය පෙර වසරට සාපේක්ෂව 100% ප්‍රගතියක් බවයි.

පසුගිය වසරේ විදේශ රැකියා සඳහා 122,000 ක පිරිසක් විදෙස් රැකියා සදහා පිටත්ව ගොස් ඇත.

මේ වසරේ පුද්ගලයින් තුන් ලක්ෂයක් විදේශ රැකියා සඳහා යොමු කිරීම කාර්යාංශයේ සැලසුම වන අතර ඒ සඳහා රටවල් කිහිපයක් සමග ගිවිසුම් අත්සන් කර ඇති බව ද මංගල රන්දෙනිය වැඩිදුරටත් පැවසීය.

Aruna