Sunday, February 15, 2026
Follow Us
රටට ගෙනා ගෑස් තොග අදින් අවසන්

මෙරටට රැගෙන ආ ගෑස් තොගය අද දිනයේ අවසන් වන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. එහි උසස් නිලධාරියෙකු පැවසුවේ අද දිනයේද දිවයින පුරා ගෘහස්ථ ගෑස් සිලින්ඩර් 50,000 ක් බෙදා හැරීමට සැලසුම් කර ඇති බවයි.

ඉන් සියයට 60 ක් බෙදා හැරෙන්නේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලටයි. ඉකුත් දින දෙකේදීම අඛණ්ඩව ගෑස් සිලින්ඩර් 50,000 බැඟින් බෙදා හැරීමටයි ලිට්‍රෝ සමාගම කටයුතු කළේ.

මේ දක්වා බෙදා හැරෙන්නේ ඉකුත් 30 වනදා මෙරටට පැමිණි ගෑස් නෞකාවේ ගෑස් තොගයයි. එහිදී ගෑස් මෙට්ට්‍රික් ටොන් 3,500 ක් මෙරටට රැගෙන එනු ලැබුවා. තවත් ගෑස් මෙට්ට්‍රික් ටොන් 2,500 ක් රැගත් නෞකාවත් සති අන්තයේදී මෙරටට පැමිණීමට නියමිතයි.

Neth