වැට් බදු ඉහළ නැංවීම පෞද්ගලික බස් කර්මාන්තයට ද දැඩිව බලපාන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා. ඔහු කියා සිටියේ ඩීසල් මිල වැඩිවීම හා ටයර් ඇතුලු අමුද්‍රව්‍ය මිල ඉහළ යාම හේතුවෙන් පෞද්ගලික බස් කර්මාන්තය අර්බුදයකට පත්ව ඇති බවයි.
ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික නව විශේෂ භාණ්ඩ බද්දක් යටතේ සියලුම ආනයනයන භාණ්ඩ සඳහා වන බදු සියයට 15 සිට 200 දක්වා ඉහළ දැමීමට මුදල් අමාත්‍යාංශය පියවර ගත්තා. මෝටර් රථ, යතුරුපැදි සහ ත්‍රිරෝද රථ සඳහා ටයර් සඳහා වන බදු එහිදී ඉහළ ගොස් ඇත්තේ සීයයට 50 කින්.
Neth