මහ පාරේ තෙල් පෝලිම්ය. කඩ ඉදිරිපිට කිරිපිටි පෝලිම්ය, ගෑස් පෝලිම්ය, හාල්, සීනි පෝලිම්ද තිබුණේය. සිමෙන්ති ගන්නත් පෝලිම්ය. රටේ කොයි තැන බැලුවත් කුමක් හෝ පෝලිමකි. මේ පෝලිම් රැල්ලට ඊළඟට එක්වනු ඇත්තේ බාර් පෝලිම බවට ලකුණු දැනටමත් පහළ වෙමින් තිබේ.
ලිට්‍රෝ ගෑස් සමාගම රැකගැනීමට නම් වහාම ගෑස් සිලින්ඩරයක මිල වැඩිකිරීමට කටයුතු කළ යුතුම බවත් එසේ නොවුවහොත් ඉදිරි මාස තුන තුළ මෙම සමාගම වැසී යනු ඇති බවත් ලිට්‍රෝ ගෑස් සුරැකීමේ සංවිධානය පවසයි.
ඉන්ධන හිගය, ගෑස් අර්බුදය, ඖෂධ හිගය ඇතුළු ගැටලු කිහිපයක් හේතුවෙන් රජයේ රෝහල්වල දෛනික කටයුතු සඳහා දැඩි බලපෑම් එල්ල වී ඇති බව වාර්තා වේ. අර්බුදය තවදුරටත් පැවතියහොත් ඉදිරි සතිය ඇතුළත බොහෝ රෝහල් වසාදැමීමට සිදුවන බවයි රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංසදයේ සභාපති, වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා මාධ්‍ය වෙත පවසා තිබෙන්නේ.
ශ්‍රී ලංකාව එක්දින ක්‍රිකට් ලෝක කුසලානයක් දිනා ගැනීමේ 26 වන සංවත්සරය අදට යෙදී තිබෙනවා. 1996 වසරේ පැවති “විල්ස්” ලෝක කුසලාන අවසන් මහා තරඟයේදී ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම පරාජයට පත්කරමින් අර්ජුන රණතුංග ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම එම ඓතිහාසික විජයග්‍රහණය වාර්තා කළා. ඒ, පාකිස්තානයේ ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගනයේදීයි.
Page 271 of 740