යුක්රේන සහ රුසියාව අතර පවතින යුද ගැටුම් හේතුවෙන් ලෝකයේ ආහාර හිගයක් ඉදිරියේදී ඇති විය හැකි බව විද්වතුන් පෙන්වා දෙනවා. ඒ අනුව වෙනත් රටවල ආහාර මිල ගණන් ඉහළ යාම හමුවේ විදේශ විනිමය නොමැති ශ්‍රී ලංකාවට දැඩි අර්බුදයකට මුහුණදීමට සිදුවන බවයි කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය ඉන්ද්‍රජිත් අපොන්සු පැවසුවේ.
ඊට විසදුම් සෙවීම සදහා කළ යුතු විසදුම් සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්විය යුතු බවයි නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ.
ඊට මුහුණදීම සදහා මෙරට ජනතාව දැන් සිටම හැකි පමණින් වගා කිරීමට යොමු කළ යුතු බවයි කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය ඉන්ද්‍රජිත් අපොන්සු පැවසුවේ.
මේ අතර අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ වර්ග 369 ක් ආනයනය කිරීම සදහා පනවා තිබූ සීමාවන් ලිහිල් කිරීමට රජය පියවර ගනු ලැබුවා. ඒ, එම භාණ්ඩ සඳහා අය කෙරෙන ආනයනික බදු, රේගු බදු සහ අධිභාර සැලකිය යුතු ලෙස ඉහළ දමමින්. ඉකුත් මාර්තු 09 වනදා සිට බලපැවැත්වෙන පරිදි ඵම භාණ්ඩ වර්ග 369ක් මෙරටට ගෙන්වීම බලපත්‍ර පාලනයට නතු කරමින් ඵවක සිටි මුදල් අමාත්‍යවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණා.
ආනයනික බදු, රේගු බදු සහ අධිභාර සැලකිය යුතු ලෙස ඉහළ දැමීම හේතුවෙන් ආනයනික යෝගට්, බටර් සහ කිරියොදා නිෂ්පාදනය කරන තැවරුම් රසකාරක ආහාර සඳහා වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 1,000 සිට 2,000 දක්වා ඉහළ දමා තිබෙනවා.
ඇපල්, දොඩම්, මිදි සහ අනෙකුත් පළතුරු සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉහළ දමා ඇත්තේ කිලෝග්‍රෑමයකට රුපියල් 600 ක් දක්වායි.
Neth