Sunday, February 15, 2026
Follow Us
ආර්ථික අර්බුදය හමුවේ දරුවන්, මව්පියන්ගේ අවධානයෙන් ගිලිහී යාමේ අවධානමක

රට තුළ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් දරුවන් වෙනදාට වඩා හිංසනයට ලක් වීමේ වැඩි අවධානමක් පවතින බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසනවා.

එම අධිකාරියේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ පැවසුවේ පහළ ආර්ථික මට්මක් පවතින පවුල්වල දරුවන් මවුපියන්ගේ අවධානයෙන් ගිලිහී යාමේ වැඩි ප්‍රවණතාවක් පසුගිය දිනවල දක්නට ලැබුණු බවයි.

පවතින ආර්ථික අර්බුදය හේතුවන් ඇතිවිය හැකි පීඩාකාරී තත්ත්වයන් දරුවන් හරහා පිට කිරීමට වැඩිහිටියන් උත්සාහ කරන තත්ත්වයක් දක්නට ලැබෙන බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා. ඒ හේතුවෙන් වෙනදාටත් වඩා මෙම කාල සීමාව තුළ දරුවන් සම්බන්ධයෙන් අවධානය යොමුකළ යුතු බවයි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

Neth