විභාගය නිරීක්ෂකයාට ආපු වැඩේ අමතක වෙලා සිසුවිය නිරීක්ෂණය කරන්න හදලා
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අනුරාධපුරය – හිදෝගම කලුවිල සේන විද්‍යාලයේ විභාගයට පෙනී සිටි ශිෂ්‍යාවක් විභාග ශාලා නිරීක්ෂකවරයෙක් විසින් අපයෝජනයට ලක් කළ පුවතක් අනුරාධපුරය ප්‍රදේශයෙන් වාර්තා වේ.
ඇය සිය දෙමාපියන් සමග හිදෝගම පොලීසියට පැමිණිලි කර තිබුණේ පසුගිය 25 වන දින ඉතිහාසය විෂයට අදාළ විභාගය පැවැත්වෙන අතරතුර සහ විවේක කාලයේදී අදාළ විභාග ශාලා නිරික්ෂකවරයා විසින් සිසුවිය අපයෝජනයට ලක් කළ බවයි.
අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්වෙන්නේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් කොට ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් විසින් විභාග කොමසාරිස්ට දන්වා යවා ඇති බවයි.
ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් වින්දිත සිසුවියගෙන්, විභාග ශාලාධිපතිවරයාගෙන්, සහකාර ශාලාධිපතිවරයාගෙන්, චූදිත නිරීක්ෂකයාගෙන් සහ විභාගයට පෙනී සිටි සිසුන්ගෙන් ප්‍රකාශයන් ලබා ගැනීමට නියමිත බව එම මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් විය.
මේ වන විට චූදිත විභාගශාලා නිරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
Aruna