Sunday, February 15, 2026
Follow Us
සේවක වැටුප් 50%ක් කපලා. රාජ්‍ය ඉංජිනේරු සංස්ථා සේවකයින් උද්ඝෝෂණයේ!

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවක එකමුතුව විසින් අද (01) උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි.

නියමිත දිනට වැටුප් ලබා නොදීම, වැටුපෙන් 50%ක් කප්පාදු කර තිබීම, ඉදිකිරීම් යෝජනා නතර කිරීමට ආණ්ඩුව තීරණය කිරීම, දේශපාලන පළිගැනීම් ආදිය මුල්කරගෙනයි ඔවුන් මෙම උද්ඝෝෂණය සිදු කළේ.

වැටුපෙන් ඉතිරි 50% ලබා දෙන දිනයක් හෝ ලබා දීමට පාලනාධිකාරිය අපොහොසත් වී තිබෙන අතර මේ වන විට විෂය භාර අමාත්‍යවරයෙක් සිටින හෙයින් ආයතනයේ ප්‍රශ්න විසදීම සඳහා වහාම මැදිහත්විය යුතුව ඇති බවද එම සේවකයින් සඳහන් කරන ලදී.

LNW