Sunday, February 15, 2026
Follow Us
සපුගස්කන්ද පිරිපහදුව යළි පණගන්වයි

සපුගස්කන්ද තෙල් පිරිපහදුව අද දිනයේ යළි පන ගන්වා තිබෙනවා. බොරතෙල් නොමැතිවීම හේතුවෙන් ඉකුත් මාර්තු 21 වනදා සිට පිරිපහදුවේ කටයුතු සම්පූර්ණයෙන්ම නතර කෙරුණු එය ඉකුත් සදුදා යළි පණගැන්වීමට ඛනිජ තෙල් සංස්ථාව පියවර ගනු ලැබුවා. එහෙත් එදින ඇති වූ තාක්‍ෂණික දෝෂයක් හේතුවෙන් එම කටයුතු යළි නතර කෙරුණා.

කෙසේවෙතත් මේ වනවිට එම තාක්‍ෂණික දෝෂය යථා තත්ත්වයට පත් කර ඇති අතර තවත් දින දෙකකින් පමණ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ කරන බවයි ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ඛනිජතෙල් ශාඛාවේ සම සභාපති ජගත් විජයගුණරත්න නෙත් නිවුස් කළ විමසීමකදී සදහන් කළේ.

මේ අතර ඉන්ධනවල ප්‍රමිතිය සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනේදී සාකච්ඡා කෙරුණා.

Neth