Saturday, December 27, 2025
Follow Us
ජල ගැලීම් හමුවේ පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදාවෙන් කණ්ඩායම් 13 ක්

දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්ත්වය හමුවේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාතේ ගංවතුර අවධානම සහිත ප්‍රදේශවලට නාවික හමුදා සහන කණ්ඩායම් 13ක් ස්ථානගත කර තිබෙනවා.

ඒ අනුව, බටහිර නාවික විධානය මඟින් කළුතර දිස්ත්‍රික්කයේ පරගොඩ, බඳුරලිය, බුලත්සිංහල සහ පැලවත්ත යන ප්‍රදේශවලට ද, රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර නගරය, දෙල්ගොඩ, අයගම සහ මුවගම ප්‍රදේශවලට ද, දකුණු නාවික විධානය මඟින් ගාල්ල දිස්ත්‍රික්කයේ තවලම, හිනිදුම, නාගොඩ සහ මාපලගම යන ප්‍රදේශවලට ද සහන කණ්ඩායම් 13ක් ස්ථානගත කර ඇති බවයි නාවික හමුදාව පැවසුවේ.

මේ අතර කළුතර, පරගොඩ හා කුඩලිගම යන ප්‍රදේශවල සහ ගාල්ල, හිනිදුම ප්‍රදේශයට බලපා ඇති සුළු ජල ගැලීම් තත්වය හමුවේ පීඩාවට පත්ව සිටින ජනතාවට සහ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට අවශ්‍ය සහන සැලසීමේ කටයුතු ද ආරම්භ කළ බව නාවික හමුදාව සඳහන් කළා.

ගංවතුර අවධානම හමුවේ පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා බටහිර නාවික විධානයේ සහන කණ්ඩායම් 25ක්, දකුණු නාවික විධානයේ සහන කණ්ඩායම් 05 ක් සහ වයඹ නාවික විධානයේ සහන කණ්ඩායම් 10 ක් සූදානමින් තබා ඇති බවයි නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළා.

Neth