Sunday, February 15, 2026
Follow Us
ගෑස් සිලින්ඩර 50,000 ක් අදත් වෙළඳපලට

අද දිනයේත් ගෘහස්ථ ගෑස් සිලින්ඩර 50,000ක් වෙළෙඳපොලට නිකුත් කරන බව ලිට්‍රෝ සමාගම පවසනවා. ඊයේ දිනයේදීත් ගෘහස්ථ ගෑස් සිලින්ඩර 50,000ක් වෙළෙඳපොලට නිකුත් කෙරුණු අතර ඉන් වැඩිම ප්‍රමාණයක් නිකුත් කෙරුණේ කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලටයි.

මේ අතර ගෑස් මෙට්ට්‍රික් ටොන් 3,500ක් රැගත් තවත් නෞකාවක් ලබන 04 වනදා මෙරටට ලගා වීමට නියමිතව තිබෙනවා.

ගෑස් සිලින්ඩර මිලදී ගැනීමට පැමිණීමේ දී අලෙවි නියෝජිතයින්ට දුරකථනය මගින් ඇමතුමක් ලබාදී ගෑස් ලබාගැනීමට හැකියාවක් තිබේ ද යන්න තහවුරු කරගෙන ගෑස් ලබාගැනීමට පැමිණෙන ලෙසයි ලිට්‍රෝ සමාගම පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටින්නේ.

මේ අතර අද දිනයේ ද ඉන්ධන බෙදාහැරීම සඳහා සිට ටැංකිරථ 350 ක් පමණ ධාවනයට එක්කරන බව ලංකා ඛණිජතෙල් පෞද්ගලික ටැංකිරථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ඩී වී ශාන්ත සිල්වා සඳහන් කළා.

කෙසේවෙතත් ඩීසල් ලබාගැනීම සඳහා අද අලුයම ද ජනතාව ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව පෝළිම්වල සිටිනු දක්නට ලැබුණු බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.

Neth