දේශීය නිෂ්පාදන සඳහා අමුද්‍රව්‍ය හිඟවෙයි
දේශීය නිෂ්පාදන හිඟ වීමෙන් සහ පසුගිය මාස කිහිපය තුළ පැවති ආනයන සීමා හේතුවෙන් පාසැල් බෑග් ,කාන්තා අත් බෑග් සහ සංචාරක ගමන් මලු ඇතුළු සියලුම ගමන් මලුවල මිල ගණන් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇත.
දේශීය ගමන් මලු නිෂ්පාදන සඳහා අමුද්‍රව්‍ය හිඟවීම සහ එම මිල ගණන් ඉහළ යාම මෙලෙස බෑග් මිල ඉහළ යාමට හේතු වී ඇති අතර ආනයනික අමුද්‍රව්‍ය සඳහා බදු ඉහළ නැංවීමට රජය ගෙන ඇති තීරණය සමග මිල ගණන් තවදුරටත් ඉහළ යනු ඇත.
මීට අමතරව ශ්‍රී ලාංකිකයින් වැඩි වශයෙන් මේ වන විට විදෙස් රැකියා සදහා පෙළඹීමත් මෙම තත්ත්වයට හේතු වී ඇති බව පාරිභෝගික ජනතාව සඳහන් කරයි.
Aruna