Sunday, February 15, 2026
Follow Us
ගෑස් බෙදා හැරීම අදින් අවසන්

අද ගෑස් මිලදී ගත හැකි අලෙවි මධ්‍යස්ථාන මෙන්න


ගෑස් තොග බෙදා හැරීම අද දිනයෙන් අවසන් වන බව ලිට්‍රෝ සමාගම පවසයි.

එම සමාගම පැවසුවේ අද දිනයේ ගෑස් සිලින්ඩර 16,000 ක් පමණක් බෙදා හැරෙනු ඇති බවයි.

මේ අතර යළි ගෑස් මෙට්‍රික් ටොන් 2,500 ක් රැගත් නෞකාවක් ලබන ඉරිදා දිනයේ දිවයිනට ළගා වීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව ගෑස් බෙදා හැරීම ලබන අගහරුවාදා සිට සිදුකළ හැකි බව ලිට්රෝ සමාගම සඳහන් කරයි.

එම නිසා හෙට සහ අනිද්දා යන දිනවල පෝලිම්වල රැදී නොසිටින ලෙස එම සමාගම ජනතාවගෙන් ඉල්ලා සිටියි.

අද ගෑස් මිලදී ගත හැකි අලෙවි මධ්‍යස්ථාන මෙන්න

03.06.2022 Distribution Plan PDF 1 (1)

Aruna