Sunday, February 15, 2026
Follow Us
රෝහලක ඉහළ මහළෙන් වැටී රෝගියෙක් මරුට

මරණය ගැන පොලීසියට සැකයක්


කළුතර නාගොඩ මහරෝහලේ ඉහළ මහළින් රෝගියකු ඇදවැටී ජීවිතක්ෂයට පත්ව තිබේ.

කළුතර දකුණ පොලීසිය පැවසුවේ එම රෝහලේ අලුතින් ඉදිකළ ගොඩනැගිල්ලේ තුන් වන මහලින් ඇද වැටුන ඔහු කොන්ක්‍රීට් තට්ටුවක් මතට වැටී එම ස්ථානයේම මියගොස් ඇති බවයි.

මියගිය පුද්ගලයා ඉහල මාලයෙන් පැන්නාද නොඑසේ නම් වැටුනාද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන බව කළුතර දකුණු පොලිසිය වැඩිදුරටත් සදහන් කරයි.

Aruna