Saturday, December 27, 2025
Follow Us
ප්‍රදේශ කිහිපයකට අඩු පීඩනය යටතේ ජලය

ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයෙන් නිවේදනයක්


හෙට (04) රාත්‍රී 9 සිට අනිද්දා පෙරවරු හය දක්වා පැය 9 ක කාලයක් කොළඹ සහ කඩුවෙල ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ජලසම්පාදන මණ්ඩලය සඳහන් කළේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ 01, 02, 03, 04, 07, 08, 09, 10 සහ කඩුවෙලට මෙලෙස අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බවයි.

එසේම, හෙට රාත්‍රි 10 සිට අනිද්දා අලුයම 5 දක්වා පැය 7 ක කාලයක් ඇතුළු කෝට්ටේ, පිටකෝට්ටේ, බැද්දගාන, මිරිහාන, මාදිවෙල, තලපත්පිටිය, උඩහමුල්ල, ඇඹුල්දෙණිය, නුගේගොඩ, පාගොඩ සහ විජේරාම සහ නුගේගොඩ මංසන්ධියේ සිට නාවල විවෘත විශ්වවිද්‍යාලය දක්වා දිවෙන මාර්ගවල ජල සැපයුම විසන්ධි කෙරෙනවා.

Aruna