කුඩා පරිමාණයේ සිට මහා පරිමාණය දක්වා ආර්ථික අර්බුදය දරුණු ලෙස බලපෑම හේතුවෙන් රට තුළ අපරාධ සංස්කෘතිකයක් බිහිවී ඇතැයි විද්වතුන් පවසනවා.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අපරාධ විද්‍යාව හා අපරාධ විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය නේරංජි විජේවර්ධන නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ දේශපාලනඥයන් ගනු ලැබූ අදූරදර්ශී ක්‍රියා හේතුවෙන් මෙරට ජනතාවගේ ජනජීවිතය කඩා වැටීම ඍජුවම ආර්ථික පරිහානියට හේතු වූ බවයි.
ඕනෑම පුරවැසියෙකුට ගුණාත්මක භාවයෙන් යුත් ජීවන තත්ත්වයක් උදාකරදීම ඕනෑම රටක රජයක මූලික අරමුණක් වන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ
රැකියා වියුක්ති අවම කිරීම සදහා වෘත්තීය වැඩපිළිවෙලක් ආරම්භ කර තරුණයන් මානව සම්පත ලෙස භාවිත කරන ලෙසට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අපරාධ විද්‍යාව හා අපරාධ විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය නේරංජි විජේවර්ධන බලධාරීන්ගෙන් ඉල්ලීමක් ද කළා.
පවතින ආර්ථික අර්බුදය හමුවේ මව්පියන්ගේ අවදානයෙන් දරුවන් ගිලිහීයාමේ අවදානමක් පවතින බවද ජාතික ළමා රක්‍ෂක අධිකාරියා සදහන් කළා. මව්පියන් ආදායම් මාර්ග සදහා වැඩි වශයෙන් යොමුවීම ඊට හේතුව බවයි ප්‍රකාශ කෙරුණේ.
පවතින ආර්ථික අර්බුද හමුවේ දරුවන් නිරන්තරයෙන් මව්පියන්ගේ පීඩාවට ද ලක්වන බවද ජාතික ළමා රක්‍ෂක අධිකාරිය වැඩිදුරටත් සදහන් කළා.
Neth