Sunday, February 15, 2026
Follow Us
චීනයෙන් අද මෙරටට ඖෂධ තොගයක්

යුවාන් මිලියන 500ක් වටිනා ඖෂධ චීනය පරිත්‍යාග කරයි


චීන රජයේ පරිත්‍යාගයක් ලෙස ලැබෙන ඖෂධ සහ අත්‍යවශ්‍ය ශල්‍ය උපකරණ තොගයේ පළමු කොටස අද (03) මෙරටට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මෙරට චීන තානාපති කාර්යාලය පැවසුවේ එහි පළමු අදියර යටතේ මිලියන 10ක් වටිනා ජීවිතාරක්ෂක එන්නත් සිරින්ජර් 512,640ක් මෙරටට ලබාදීමට නියමිත බවය.

ඉන් එන්නත් සිරින්ජර් 256,320ක් රැගත් ගුවන් යානය අද රාත්‍රී දිවයිනට පැමිණීමට නියමිත අතර ඉතිරි එන්නත් තොගය මේ මස මැදදී මෙරටට රැගෙන ඒමට නියමිත බව චීන තානාපති කාර්යාලය සඳහන් කළේය.

චීනය විසින් මෙලෙස මෙරටට පිරිනමන ඖෂධ තොගයේ වටිනාකම යුවාන් මිලියන 500ක් වේ.

Aruna