Saturday, December 27, 2025
Follow Us
වී කිලෝවක් 200 කට - සහල් කිලෝවක් 350 පනින ලකුණු

අස්වැන්න අඩුවීම හේතුවෙන් ඉදිරි යල කන්නයේදී වී කිලෝවක මිල රුපියල් 200 දක්වා වුවද ඉහළ යා හැකි බව කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර පවසනවා. මේ හේතුවෙන් හාල් කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 350 ක් දක්වා ඉහළ යාමට ද ඉඩ ඇති බවයි කෘෂිකර්ම ලේකම්වරයා පැවසුවේ.

සහල් ආනයනය කිරීමට වඩා රසායනික පොහොර ගොවීන්ට ලබාදීම වඩාත් ලාභදායක බවයි එහිදී ප්‍රකාශ කෙරුණේ.

මේ අතර යල කන්නය සඳහා අවශ්‍ය පොහොර කඩිනමින් ලබාදීමට ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එකඟතාව පළ කර තිබුණා. අදාළ පොහොර මෙරටට ලැබී දින 20 ක් ඇතුලත බෙදාහැරීමටයි සැලසුම් කර ඇත්තේ.

කෙසේ වෙතත් ලබන 15 වනදා වන විට මෙරටට යල කන්නයට අවශ්‍ය පොහොර ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන නමුත් එසේ නොලැබුණහොත් ගැටලුවක් මතු වනු ඇති බවත්, සාමාන්‍යයෙන් යල කන්නයේ අස්වැද්දීම් ලබන 05 වනදායින් අවසන් කළ යුතු වීම ඊට හේතුව බවත් කෘෂි බළධාරීන් පවසනවා.

Neth