ඊයේ දින කොළඹ ඇතුළුව දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී ඇතිවූ ගැටුම හේතුවෙන් පොලිස් නිලධාරියෙකු ඇතුළුව පුද්ගලයින් 07 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ධූරයෙන් ඉල්ලා අස්වුවද, සිය අරගලය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ගාලුමුවදොර විරෝධතාවයේ නිරත අරගලකරුවන් පවසනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාවත් රැකගෙන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාවත් රැකගැනීම සඳහා තමන් ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයින් අද (09) උදෑසන 09.00 ට අරලියගහ මන්දිරයට අසලට පැමිණෙන බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා පවසයි.
ගාලු මුවදොර පරිශ්‍රයේ මේ වනවිට ඇතිවී තිබෙන උණුසුම් තත්ත්වය හමුවේ තුවාල ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 23 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව කොළඹ ජාතික රෝහල පවසයි.
ගාලුමුවදොර ඉදිරිපිට ගෝඨා ගෝ ගම විරෝධතාවය සඳහා එල්ල කළ මැර ප්‍රහාරයට විරෝධය පළ කිරීම සඳහා දීපව්‍යාප්ත වැඩවර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම වර්ජනය ආරම්භ කරන බවයි වාර්තා වන්නේ.
Page 243 of 732